Showing posts with label F - භාවනා ක‍්‍රම. Show all posts
Showing posts with label F - භාවනා ක‍්‍රම. Show all posts

November 6, 2020

බුද්ධානුස්සති භාවනාව

මෙම ලිපිය මං අහුලාගත්තේ, "ගරු පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප තෙරණුවන්ගේ", මුහුණු පොතෙන්!

 --

බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන්
යම් කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්මෘති භාවනාව ය.
බුදුන් වහන්සේගේ ගුණයෝ ඉතා බොහෝ යග ඒ ගුණ කොටස් නවයකට බෙදා තිබේග අරහංල සම්මා සම්බුද්ධෝල විජ්ජාචරණ සම්පන්නෝල සුගතොල ලෝකවිදූල අනුත්තරෝ පුරිස ධම්ම සාරථිල සත්ථා දෙවමනුස්සානංල බුද්ධෝල භගවා යන පද නවයෙන් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ.
බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමතියන් විසින් ඒ ගුණ නවය හොඳින් පාඩම් කර ගත යුතු ය.
🏵️ 1*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක.
🏵️ 2*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ ද කාලමුක්ත වූ ද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිත ව තමන් වහන්සේ විසින් ම නො වදරවා දැන වදාළ සේක.
🏵️ 3*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘර්ධ වූ විදර්ශනා ඥානාදි විද්‍යාවෙන් හා ශීලාදි චරණයෙන් ද සම්පූර්ණ වූ සේක.
🏵️ 4*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන ශීලාදි සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක.
🏵️ 5*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍ර‍ය නිරවශේෂයෙන් දැන වදාළ සේකග
🏵️ 6*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුණ්‍යමාන බලමාන ප්‍ර‍ඥාමාන සෘද්ධි මානාදි අනේවිධ මානයෙන් උඩඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර‍ වූ සේක.
🏵️ 7*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍ර‍තිලාභය පිණිස ද අනුශාසනය කරන සේකග
🏵️ 8*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවන සේක.
🏵️ 9*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත සෘද්ධි අනන්ත ඥාන අනන්ත තේජෝ බල පරාක්‍ර‍මයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක.
 ** මේ බුදු ගුණ වගන්ති නවය හොඳින් පාඩම් කර ගෙන බුද්ධ වන්දනාව සඳහා ද භාවිත කළ යුතු යග තමනට නො තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත් ය.
 ** වන්දනා කරන කල්හි මේ වගන්ති නවය කියා අවසානයෙහි  ර්‍ණමේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමිග” යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුයග.
 ** බුද්ධානුස්මෘති භාවනාව කරන තැනැත්තා විසින් බුදු ගුණ වගන්ති නවය අත් නො හැර ම බුද්ධ වන්දනාව සඳහා භාවිත කළ යුතුය.
 ** ඒ වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාෆෆවනාව සඳහා තෝරා ගත යුතු ය.
 ෆෆ ඉක්බිති තමා ප්‍රිය කරන බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතු යග බුදු රුවෙහි අවයවයන් වෙන වෙන ම ද බලා හොඳින් සිතට ගත යුතු යග බුදු රූ සටහන අමතක නො වනු පිණිස වරින් වර නැවතත් බැලිය යුතු ය.
 ** ආරම්භයේදී භාවනාව බුදු රුවක් ඉදිරියේම කළ හැකි නම් වඩාත් හොඳ යග භාවනා කරන්නට පටන් ගන්නා කල්හි යම් කිසි විවේක ස්ථානයක බද්ධ පර්‍ය්‍යඞ්කයෙන් හිඳල කය සෘජුව තබා ගත යුතුයග එය භාවනාවට ඉතා ම සුදුසු හිඳ ගැනීමේ ක්‍ර‍මය ය.
 ** එසේ හිඳ ගත යුත්තේ පුරුෂයන් විසින් පමණෙකිග එය ස්ත්‍රීන්ට අයෝග්‍ය යග ස්ත්‍රීන් විසින් අර්ධ පර්‍ය්‍යඞ්කය යි කියනු ලබන පා දෙක පිටිපසට නමා වාඩිවීමේ ක්‍ර‍මයට හිඳ ගත යුතුය.
පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පර්යඞ්කයෙන් හිඳ ගත් බව මහා ප්‍ර‍ජාපතී ගෝතමි අපදානයෙහි එන :
  "සා තාහි සහ ගන්ත්වාන -
   භික්ඛුනූපස්සයං සකං
   අඩ්ඪපල්ලඞ්ක මාභුජ්ජ -
   නිසීදි පරමාසනෙ.” යන ගාථාවෙන් පෙනේ.
 ** බද්ධ පර්‍ය්‍යංකයෙන් වාඩි විය නො හෙන පුරුෂයන් විසින් හා අර්ධ පර්‍ය්‍යංකයෙන් හිඳ ගත නොහෙන ස්ත්‍රීන් විසින් ද තම තමාට හැකි පරිද්දකින් හිඳ ගෙන භාවනා කළ යුතු යග අන් ඉරියව්වකින් භාවනා කළාට ද වරදක් නැත.
 ** විවේක ස්ථානයේ හිඳගෙන ඇස පියා ගෙන කලින් බලා ගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින සැටියට සිතා ගෙන ඒ බුදුන් අරමුණු කොට  ර්‍ණමාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනාකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයනට සුදුසු වූ සේක.” යනාදීන් තමා භාවන කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතු ය.
 ** භාවනා කරන්නට පටන් ගන්නා කල්හි
පැය කාලයට අඩු නො වන කාලායක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුයග එය කරන කල්හි අනෙකක් ගැන නො සිතනුග සිත අනෙකකට යොමු වන්නට නො දීමට හැකි තාක් උත්සාහ කරනුග සිහියෙන් යුක්ත වනු..
 

රේරුකානේ චන්දවිමල නාහිමියන් වහන්සේ

(බෞද්ධයාගේ අත්පොත)

අග්‍ර පිං වැඩෙන මෛත්‍රී භාවනාව, ප්‍රමාන වශයෙන් වැඩීම

 


August 30, 2020

බුදු ගුණ මෙනෙහි කිරිමේ අනුසස්























මෙම ලිපිය මං අහුලාගත්තේ, "ගරු පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප තෙරණුවන්ගේ", මුහුණු පොතෙන්!

-- 

 බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත් වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වේගඑයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවන්ත පුද්ගලයෙක් වේගඑබැවින් බුද්ධානුස්සතිය වඩන පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දෙක් විසින් පැමිණිය හැකි දියුණුවට දල ගිහියෙක් නම් ගිහියෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ.

මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමඟ විසීමක් වැනිය. එබැවින් ඔහුගේ සිත පාපයට නොනැමේගහදිසියේ මරණය සිදුවීමක් වුවහොත් ඒ අවස්ථාවේ දී ඔහුට බුදුන් සිහි වේගඑයින් හේ මරණින් මතු ස්වර්ගයට පැමිණෙන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්ත වූ සේකැයි සිහිකරන්නා වූ යෝගාවචරයා හට ඒ සමයෙහි රාගල ද්වේශල මෝහ නූපදින්නේ යගඒ හේතුවෙන් ශුද්ධ වූ සිත් ඇති යෝගාවචරයා හට බුද්ධ ගුණය කෙරෙහි නැමී පවත්නා වූ විතර්ක විචාරයෝ බොහෝ සෙයින් උපදිතිගබුද්ධ ගුණයෙහි සිත හසුරුවන්නා වූ යෝගාවචරයා හට ප්‍රීතිය ඇතිවේගඒ ප්‍රීතිය නිසා ඔහුට කායික චෛතසික පීඩාවෝ සන්සිඳෙතිගඑයින් ඔහුට සුඛය ඇති වේගඒ සුඛය නිසා ඔහුගේ සිබුද්ධ ගුණාරම්මණයෙහි සමාධියට පැමිණේ.
කල් යෑමෙන් ඔහුට විතර්කාදී ධ්‍යානාංගයෝ එක්වරම පහළ වන්නාහ.

එහෙත් බුද්ධ ගුණය ගැඹුරු බැවින් හා බොහෝ බැවින් ද බුද්ධ ගුණාරම්මණයෙහි කසිනාදියෙහි මෙන් ධ්‍යානයෝ නූපදිතිගබුද්ධානුස්සති භාවනාවෙන් නීවරණයන් බැහැර වී යෝගාවචරයාගේ සිත පිරිසිදු වන බැවින්දල ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් දියුණු තියුණු වන බැවින් දල බුද්ධානුස්සතියෙන් ලත් සමාධියෙහි පිහිටි යෝගාවචරයා හට විදසුන් වඩා පහසුවෙන් මාර්ග ඵල ලබා නිවන් දැකිය හැකි වන්නේය.

බුද්ධානුස්සතියෙන් සිත සමාධි කොට විදසුන් වඩා රහත් වූවෝ බොහෝ ය.

බුදු ගුණ සිහි කොට එක් වරක් බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමම මරණින් මතු දෙව් ලොව ඉපදීමට හේතු වන පිනකිගමට්ටකුණ්ඩලී ආදී බොහෝ දෙනෙක් බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් ද දෙව්ලොවට පැමිණි බව දක්වා තිබේ.

යමෙක් භාවනා කිරීම් වශයෙන් නැවත නැවත බුදු ගුණ මෙනෙහි කෙරේ නම් ඔහුට එයින් මහත් වූ පුණ්‍ය සම්භාරයක් අත්පත් වීම ගැන කියනු කිමගඑබැවින් දුකින් මිදෙනු කැමැත්තෝ මේ උතුම් භාවනාව ආදරයෙන් කරත්වා!

බුදු ගුණ මෙනෙහි කිරීමෙන් තවත් බොහෝ අනුසස් ලැබේගගඒ මෙසේය..

🔸සතර අපායට පත් නොවීම.
🔸නිතර සෝමනස්ස සහගත සිතින් යුතුව දිව් ගෙවීම.
🔸සත්‍යය කතා කරන පුද්ගලයෙකු බවට පත් වීම.
🔸නිහතමානී ගති පැවතුම් ඇති වීම.
🔸ලෝකයාට ප්‍රිය මනාප වීම.
🔸බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම.
🔸දෙවියන්ගේ දැහැමි රැකවරණය ලැබීම.
🔸අන් අයගේ කරුණා මෛත්‍රියට භාජනය වීම.
🔸තම අදහස් යෝජනා අන් අය එකහෙළා පිළිගැනීම.
🔸භුතලප්‍රේතල පිසාච ආදී විපත් ලං නොවීම.ග
🔸පාපයට ලජ්ජා භය ඇති වීම.
🔸අධි කුසලයට සිත නැඹුරු වීම.
🔸අපල උපද්‍රව නැති වී කුසල විපාක මතුවීම.
🔸ගුණ නුවණින් පිරිපුන් වීම.
🔸පිටසක්වල නූපදීම.
🔸අඳ ගොළු බිහිරි ආදී අභව්‍ය නොවීම.
🔸උන්මත්තක නොවීම.
🔸මිසදිටු නොගැන්වීම.
🔸මරණයට නොබියව මුහුණ දීම.
🔸මුහුණේ වර්ණය පැහැපත් වීම.
🔸වසල විසල ගිනිල අවි ආයුධ වලින් වන විපත් වලින් වැළැක්වීම.
🔸බුදුබව පවා පැතීමට සිත නැමීම.
🔸තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම.
🔸යමි උපන් ලෙෂයක් නිසා බුදුවරයෙකු මුණගැසීම.
🔸එසේ නොවුනේ නම් බුදුවරු ඔවුන් වෙත වැඩම වීම.
🔸තම සිතුම් පැතුම් එලෙසම ඉටුවීමග
🔸ධාරණ ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම.
🔸සෑම කෙනෙකුම තමා කෙරෙහි නැමීගත් පැවතුම් ඇතිවීම.
🔸සම්මා දිට්ඨියෙහි පිහිටීම.
🔸යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සමාධිගත වීම.
🔸ඇස්වහලකටවහල කොඩිවිනල බන්ධනලහෝවහ විපත් සිදු නොවීම.
🔸ප්‍රභූ වරුන්ගේ ගෞරව සැලකිල්ලට පාත්‍ර වීම.
🔸මේ ජීවිතයේ මගඵල නොලැබුවේ නම් ඒකාන්තයෙන්ම සුගති පරායන වීම.
🔸සුවසේ සැතපීම හා අවදිවීම.
🔸නපුරු සිහින නොපෙනීම.
🔸භව තැතිගැනීමල ලොමුඩැහැගැනීම සිදු නොවීම.

උතුම් බුද්ධ ගුණ මෙනෙහි කෙරුමෙන් නිවන පිණිසම වීරිය වඩත්වා!


රේරුකානේ චන්දවිමල හිමිපාණන් වහන්සේ විසිනි
Copyright © EnnLaw | Floating Leaves template designed by ennyLaw | eLaw's Design