Showing posts with label C - ලිපි. Show all posts
Showing posts with label C - ලිපි. Show all posts

January 13, 2021

පංච ආනන්තරීය පාපකර්ම වල බරපතලකම - අවීචි මහා නිරය



 මෙම ලිපිය මං අහුලාගත්තේ, "ගරු පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප තෙරණුවන්ගේ", මුහුණු පොතෙන්!

--

ආනන්තරීය පාප කර්මයක් යම් කෙනෙක් අතින් සිදු වුණොත්, ඒ කෙනා නිරයේ යෑම වෙනස් කරන්නට කාටවත් හැකි වෙන්නේ නැහැ. ඒ නිසා එය නියත රාශියක් ලෙසට යි ධර්මයේ දැක්වෙන්නේ. ( මිච්ඡත්ත නියත රාශිය. ) ආනන්තරීය පාපකර්ම 5 ට ඒ නම ලැබිලා තියෙන්නේ මරණයෙන් පසු වෙන කොහේවත් අතරක උපත නොලබා කෙළින්ම අවීචි මහා නරකාදියෙහි උපදින නිසයි උදා :- දේවදත්ත හිමි. "ආනන්තරීය පාපකර්මය" කියද්දී අපි "ආනන්තරීය" කියන වචනය තෝරා ගන්න ඕන. ඒ තමයි අතරක් නැතුව නිරයට යනවා. ඒ කියන්නේ යම් ආත්මයක ආනන්තරීය පාපකර්මයක් සිදු වුණා ද එයාට අතරක් නෑ. ඒ කියන්නේ මරණින් මත්තේ දුගතියට නො යා සිටින පුංචි වෙලාවක්වත් නෑ.

පංචානන්තර්ය පාපයන්හි යෙදී දුගතියට පැමිණියවුන්ට යම් දවසක සුගතියකට පත් නොවිය හැකියි කියල කියන්න බෑ. මොකද භවය කියන එකේ සීමාවක් ඉමක් කොනක් නැහැ. නමුත් එතනින් ගොඩට එනවයි කියන එක සිතන්නත් අමාරු දෙයක්. ඉතා ඈත අතීතයේ මුගලන් මහ රහතන් වහන්සේගේ පෙර ජීවිතයක දී ආනන්තරීය පාපකර්මයක් සිද්ධ වුණා. ඒ හේතුවෙන් අතරක් නැතුව නිරයේ ගිහින් විපාක වින්දා. එතැනින් ඒ කර්මය විපාක දීලා අවසන් වුණා. කිසියම් විදියකට බුද්ධානුභාවයක් නිසා, තවත් බුදු කෙනෙකුගේ පහළ වීමක් නිසා වෙනසක් සිදු විය හැකියි. පංච ආනන්තරිය පාපයන් එකක් හෝ කල කෙනෙකුට මේ දිවියේ මාර්ග ඵල ලබන්නට බැහැ. යම් කෙනෙකුගේ අතින් පංච ආනන්තරීය කර්මයන්ගෙන් එකක්වත් සිදුවුණොත් එයාට කල්පයක් ඇතුළත සෝවාන් වෙන්නත් බෑ. සකෘදාගාමී වෙන්නත් බෑ. අනාගාමී වෙන්නත් බෑ. අරහත් වෙන්නත් බෑ. ඒ ආන්නතරීය පාප කර්ම කලොත් ඊලග භවය උරැමම අවීචියට තමයි.

නමුත් ශීලය කොයි තරම් ශක්තිමත් ද. ආන්නතරීය පාප කර්මයත් හොලවපු කෙනෙක් මේ බුද්ධ ශාසනයේ ඉන්නවා. ඒ තමයි අජාසත්ත මහ රජතුමා. පියාව මැරැවා කල්‍යාණ මිත්‍රත්වය නැති නිසා. නමුත් බුදු සරණ ගිහින් ප්‍රාණ පරිත්‍යාගයෙන් පන්සිල් ආරක්ෂා කරන්න තීරණය කරා. මේ ශාසනයේ අදටත් ධර්මය පවතින්න පළමු ධර්ම සංගායනාව කරන්න දිවි හිමියෙන් ශක්තිය දුන්නා. මේ වෙලාවේ සක් දෙව් රජතුමා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනී, මේ තරම් පින් කරන මිනිසෙක් මම දැකලා නෑ කියලා. කොයි තරම් පින් කලත් නිරයෙන්නම් නතර වෙන්න බෑ මේ අකුසලය. හැබැයි අවීචියෙන් නම් නිදහස් වුනා. දැනටත් අජාසත්ත මහ රජතුමා ඉන්නේ අපායේ. ඒ ඉන්නේ ලෝකුඹු මහා නිරයේ. අවීචියේ උපදින්නේ ආනන්තරීය පාප කර්මයක් කලොත්.අසංඛ්‍යය අසූ හය ලක්ෂ හත්ලිස් දහසක් ආයුෂ අවීචියේ දුක් විදින්නට වෙනවා. නමුත් ලෝකුඹු නිරයේ ආයුෂ අවුරැදු හැට දහසයි .අවුරැදු අසංඛ්‍යය අසූහය ලක්ෂ හතලිස් දහසක් විදින්න තිබුන දුක අවුරැදු හැට දහසකට කෙලවර කරනවා කියන්නේ දූවිලි අංශුවක් තරම් දුකක්. එහෙම ගොඩ ඇවිත් මෛත්‍රී බුදු පියාණන් පහල වෙන්න කලින් අජාසත්ත රජතුමා පසේ බුදු වෙලා පිරිණිවන් පානවා. මහා බලගතු සීලයකට පුළුවන්, මේ මහා කර්මය පවා හොලවන්නට.

(උපුටා ගත් වැදගත් දහම් ලිපියකි)

November 6, 2020

බුද්ධානුස්සති භාවනාව

මෙම ලිපිය මං අහුලාගත්තේ, "ගරු පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප තෙරණුවන්ගේ", මුහුණු පොතෙන්!

 --

බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන්
යම් කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්මෘති භාවනාව ය.
බුදුන් වහන්සේගේ ගුණයෝ ඉතා බොහෝ යග ඒ ගුණ කොටස් නවයකට බෙදා තිබේග අරහංල සම්මා සම්බුද්ධෝල විජ්ජාචරණ සම්පන්නෝල සුගතොල ලෝකවිදූල අනුත්තරෝ පුරිස ධම්ම සාරථිල සත්ථා දෙවමනුස්සානංල බුද්ධෝල භගවා යන පද නවයෙන් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ.
බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමතියන් විසින් ඒ ගුණ නවය හොඳින් පාඩම් කර ගත යුතු ය.
🏵️ 1*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක.
🏵️ 2*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ ද කාලමුක්ත වූ ද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිත ව තමන් වහන්සේ විසින් ම නො වදරවා දැන වදාළ සේක.
🏵️ 3*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘර්ධ වූ විදර්ශනා ඥානාදි විද්‍යාවෙන් හා ශීලාදි චරණයෙන් ද සම්පූර්ණ වූ සේක.
🏵️ 4*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන ශීලාදි සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක.
🏵️ 5*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍ර‍ය නිරවශේෂයෙන් දැන වදාළ සේකග
🏵️ 6*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුණ්‍යමාන බලමාන ප්‍ර‍ඥාමාන සෘද්ධි මානාදි අනේවිධ මානයෙන් උඩඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර‍ වූ සේක.
🏵️ 7*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍ර‍තිලාභය පිණිස ද අනුශාසනය කරන සේකග
🏵️ 8*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවන සේක.
🏵️ 9*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත සෘද්ධි අනන්ත ඥාන අනන්ත තේජෝ බල පරාක්‍ර‍මයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක.
 ** මේ බුදු ගුණ වගන්ති නවය හොඳින් පාඩම් කර ගෙන බුද්ධ වන්දනාව සඳහා ද භාවිත කළ යුතු යග තමනට නො තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත් ය.
 ** වන්දනා කරන කල්හි මේ වගන්ති නවය කියා අවසානයෙහි  ර්‍ණමේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමිග” යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුයග.
 ** බුද්ධානුස්මෘති භාවනාව කරන තැනැත්තා විසින් බුදු ගුණ වගන්ති නවය අත් නො හැර ම බුද්ධ වන්දනාව සඳහා භාවිත කළ යුතුය.
 ** ඒ වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාෆෆවනාව සඳහා තෝරා ගත යුතු ය.
 ෆෆ ඉක්බිති තමා ප්‍රිය කරන බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතු යග බුදු රුවෙහි අවයවයන් වෙන වෙන ම ද බලා හොඳින් සිතට ගත යුතු යග බුදු රූ සටහන අමතක නො වනු පිණිස වරින් වර නැවතත් බැලිය යුතු ය.
 ** ආරම්භයේදී භාවනාව බුදු රුවක් ඉදිරියේම කළ හැකි නම් වඩාත් හොඳ යග භාවනා කරන්නට පටන් ගන්නා කල්හි යම් කිසි විවේක ස්ථානයක බද්ධ පර්‍ය්‍යඞ්කයෙන් හිඳල කය සෘජුව තබා ගත යුතුයග එය භාවනාවට ඉතා ම සුදුසු හිඳ ගැනීමේ ක්‍ර‍මය ය.
 ** එසේ හිඳ ගත යුත්තේ පුරුෂයන් විසින් පමණෙකිග එය ස්ත්‍රීන්ට අයෝග්‍ය යග ස්ත්‍රීන් විසින් අර්ධ පර්‍ය්‍යඞ්කය යි කියනු ලබන පා දෙක පිටිපසට නමා වාඩිවීමේ ක්‍ර‍මයට හිඳ ගත යුතුය.
පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පර්යඞ්කයෙන් හිඳ ගත් බව මහා ප්‍ර‍ජාපතී ගෝතමි අපදානයෙහි එන :
  "සා තාහි සහ ගන්ත්වාන -
   භික්ඛුනූපස්සයං සකං
   අඩ්ඪපල්ලඞ්ක මාභුජ්ජ -
   නිසීදි පරමාසනෙ.” යන ගාථාවෙන් පෙනේ.
 ** බද්ධ පර්‍ය්‍යංකයෙන් වාඩි විය නො හෙන පුරුෂයන් විසින් හා අර්ධ පර්‍ය්‍යංකයෙන් හිඳ ගත නොහෙන ස්ත්‍රීන් විසින් ද තම තමාට හැකි පරිද්දකින් හිඳ ගෙන භාවනා කළ යුතු යග අන් ඉරියව්වකින් භාවනා කළාට ද වරදක් නැත.
 ** විවේක ස්ථානයේ හිඳගෙන ඇස පියා ගෙන කලින් බලා ගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින සැටියට සිතා ගෙන ඒ බුදුන් අරමුණු කොට  ර්‍ණමාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනාකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයනට සුදුසු වූ සේක.” යනාදීන් තමා භාවන කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතු ය.
 ** භාවනා කරන්නට පටන් ගන්නා කල්හි
පැය කාලයට අඩු නො වන කාලායක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුයග එය කරන කල්හි අනෙකක් ගැන නො සිතනුග සිත අනෙකකට යොමු වන්නට නො දීමට හැකි තාක් උත්සාහ කරනුග සිහියෙන් යුක්ත වනු..
 

රේරුකානේ චන්දවිමල නාහිමියන් වහන්සේ

(බෞද්ධයාගේ අත්පොත)

August 30, 2020

බුදු ගුණ මෙනෙහි කිරිමේ අනුසස්























මෙම ලිපිය මං අහුලාගත්තේ, "ගරු පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප තෙරණුවන්ගේ", මුහුණු පොතෙන්!

-- 

 බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත් වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වේගඑයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවන්ත පුද්ගලයෙක් වේගඑබැවින් බුද්ධානුස්සතිය වඩන පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දෙක් විසින් පැමිණිය හැකි දියුණුවට දල ගිහියෙක් නම් ගිහියෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ.

මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමඟ විසීමක් වැනිය. එබැවින් ඔහුගේ සිත පාපයට නොනැමේගහදිසියේ මරණය සිදුවීමක් වුවහොත් ඒ අවස්ථාවේ දී ඔහුට බුදුන් සිහි වේගඑයින් හේ මරණින් මතු ස්වර්ගයට පැමිණෙන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්ත වූ සේකැයි සිහිකරන්නා වූ යෝගාවචරයා හට ඒ සමයෙහි රාගල ද්වේශල මෝහ නූපදින්නේ යගඒ හේතුවෙන් ශුද්ධ වූ සිත් ඇති යෝගාවචරයා හට බුද්ධ ගුණය කෙරෙහි නැමී පවත්නා වූ විතර්ක විචාරයෝ බොහෝ සෙයින් උපදිතිගබුද්ධ ගුණයෙහි සිත හසුරුවන්නා වූ යෝගාවචරයා හට ප්‍රීතිය ඇතිවේගඒ ප්‍රීතිය නිසා ඔහුට කායික චෛතසික පීඩාවෝ සන්සිඳෙතිගඑයින් ඔහුට සුඛය ඇති වේගඒ සුඛය නිසා ඔහුගේ සිබුද්ධ ගුණාරම්මණයෙහි සමාධියට පැමිණේ.
කල් යෑමෙන් ඔහුට විතර්කාදී ධ්‍යානාංගයෝ එක්වරම පහළ වන්නාහ.

එහෙත් බුද්ධ ගුණය ගැඹුරු බැවින් හා බොහෝ බැවින් ද බුද්ධ ගුණාරම්මණයෙහි කසිනාදියෙහි මෙන් ධ්‍යානයෝ නූපදිතිගබුද්ධානුස්සති භාවනාවෙන් නීවරණයන් බැහැර වී යෝගාවචරයාගේ සිත පිරිසිදු වන බැවින්දල ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් දියුණු තියුණු වන බැවින් දල බුද්ධානුස්සතියෙන් ලත් සමාධියෙහි පිහිටි යෝගාවචරයා හට විදසුන් වඩා පහසුවෙන් මාර්ග ඵල ලබා නිවන් දැකිය හැකි වන්නේය.

බුද්ධානුස්සතියෙන් සිත සමාධි කොට විදසුන් වඩා රහත් වූවෝ බොහෝ ය.

බුදු ගුණ සිහි කොට එක් වරක් බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමම මරණින් මතු දෙව් ලොව ඉපදීමට හේතු වන පිනකිගමට්ටකුණ්ඩලී ආදී බොහෝ දෙනෙක් බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් ද දෙව්ලොවට පැමිණි බව දක්වා තිබේ.

යමෙක් භාවනා කිරීම් වශයෙන් නැවත නැවත බුදු ගුණ මෙනෙහි කෙරේ නම් ඔහුට එයින් මහත් වූ පුණ්‍ය සම්භාරයක් අත්පත් වීම ගැන කියනු කිමගඑබැවින් දුකින් මිදෙනු කැමැත්තෝ මේ උතුම් භාවනාව ආදරයෙන් කරත්වා!

බුදු ගුණ මෙනෙහි කිරීමෙන් තවත් බොහෝ අනුසස් ලැබේගගඒ මෙසේය..

🔸සතර අපායට පත් නොවීම.
🔸නිතර සෝමනස්ස සහගත සිතින් යුතුව දිව් ගෙවීම.
🔸සත්‍යය කතා කරන පුද්ගලයෙකු බවට පත් වීම.
🔸නිහතමානී ගති පැවතුම් ඇති වීම.
🔸ලෝකයාට ප්‍රිය මනාප වීම.
🔸බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම.
🔸දෙවියන්ගේ දැහැමි රැකවරණය ලැබීම.
🔸අන් අයගේ කරුණා මෛත්‍රියට භාජනය වීම.
🔸තම අදහස් යෝජනා අන් අය එකහෙළා පිළිගැනීම.
🔸භුතලප්‍රේතල පිසාච ආදී විපත් ලං නොවීම.ග
🔸පාපයට ලජ්ජා භය ඇති වීම.
🔸අධි කුසලයට සිත නැඹුරු වීම.
🔸අපල උපද්‍රව නැති වී කුසල විපාක මතුවීම.
🔸ගුණ නුවණින් පිරිපුන් වීම.
🔸පිටසක්වල නූපදීම.
🔸අඳ ගොළු බිහිරි ආදී අභව්‍ය නොවීම.
🔸උන්මත්තක නොවීම.
🔸මිසදිටු නොගැන්වීම.
🔸මරණයට නොබියව මුහුණ දීම.
🔸මුහුණේ වර්ණය පැහැපත් වීම.
🔸වසල විසල ගිනිල අවි ආයුධ වලින් වන විපත් වලින් වැළැක්වීම.
🔸බුදුබව පවා පැතීමට සිත නැමීම.
🔸තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම.
🔸යමි උපන් ලෙෂයක් නිසා බුදුවරයෙකු මුණගැසීම.
🔸එසේ නොවුනේ නම් බුදුවරු ඔවුන් වෙත වැඩම වීම.
🔸තම සිතුම් පැතුම් එලෙසම ඉටුවීමග
🔸ධාරණ ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම.
🔸සෑම කෙනෙකුම තමා කෙරෙහි නැමීගත් පැවතුම් ඇතිවීම.
🔸සම්මා දිට්ඨියෙහි පිහිටීම.
🔸යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සමාධිගත වීම.
🔸ඇස්වහලකටවහල කොඩිවිනල බන්ධනලහෝවහ විපත් සිදු නොවීම.
🔸ප්‍රභූ වරුන්ගේ ගෞරව සැලකිල්ලට පාත්‍ර වීම.
🔸මේ ජීවිතයේ මගඵල නොලැබුවේ නම් ඒකාන්තයෙන්ම සුගති පරායන වීම.
🔸සුවසේ සැතපීම හා අවදිවීම.
🔸නපුරු සිහින නොපෙනීම.
🔸භව තැතිගැනීමල ලොමුඩැහැගැනීම සිදු නොවීම.

උතුම් බුද්ධ ගුණ මෙනෙහි කෙරුමෙන් නිවන පිණිසම වීරිය වඩත්වා!


රේරුකානේ චන්දවිමල හිමිපාණන් වහන්සේ විසිනි

June 9, 2020

දේවදත්ත තෙරුණුවෝ

 මෙම ලිපිය මං අහුලාගත්තේ, "ගරු පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප තෙරණුවන්ගේ", මුහුණු පොතෙන්!

--

(උපුටා ගැනීමකි)

🔸 දිනක් භික්ෂූන් වහන්සේලා පිරිසක් දේවදත්ත තෙරුන් මේ වන විට ඉපදී ඇත්තේ කොහේද? කෙසේ දුක් විඳිනවාද? යන්න භාග්‍යවතුන් වහන්සේගෙන් විමසීමක් සිදුකරන්නට යෙදුනා.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කලා.

👉 අවීචී මහා නිරයේ දේවදත්ත තෙරුන් වෙනුවෙන්ම වෙන්වූ වෙනම කොටසක යොදුන් 100ක් පමණ උස නිරිසතෙක් ලෙස ඉපදී මහා ගින්නකින් දැවෙමින් මේ මොහොතෙත් දුක් විදීමින් සිටිනවා.
ඒ කෙසේද යත් , යකඩ පොලවක කකුලේ වලලුකර මට්ටමට එනතුරු එරී තිබෙනවා. හිසේ ඇස් මට්ටම දක්වා යකඩ ආවරණයකින් හිස ගිලී තිබෙනවා.එම යකඩ ආවරණයෙන් මතුවූ ගිණිගත් මහා යකඩ උලක් හිස් මුදුන පසාරු කරගෙන ශරීරය ඇතුලට ගොස් අධෝමාර්ගයෙන් පිටවී යකඩ පොලවට ගිලී තිබෙනවා.
ඒවගේම අත් දෙක දෙපසට දිගුකරගෙන සිටින අතර දකුණු ඇලයෙන් එවැනිම වූ විශාල යකඩ කඳක් දකුණු ඇලයෙන් ඇතුල්වී වම් ඇලය පසාරු කරගෙන නිරයේ ඊළඟ බිත්තිය දක්වා ගමන් කර තිබෙනවා.
ශරීරයේ ඉදිරිපසින් ඇනුණ තවත් විශාල යකඩ කඳක් ශරීරයේ පිටුපසින් මතුවී අනෙක් පස බිත්තියේ ඇනී තිබෙනවා. ඒ නිසා කොහෙටවත් හෙල්ලීමටවත් පෙරලීමටවත් අවස්ථාවක් ඇත්තේ නෑ. නිශ්චලව දැවෙමින් ඉන්නවා.
නිශ්චල වූ භාග්‍යවතුන් වහන්සේට අපරාධ කල නිසා නිශ්චලවම අවීචියේ දැවෙමින් සිටිනවා. මේ ආකාරයෙන් අන්තර් කල්පයක් අවීචියේ දුක්විඳිමින් සිටිනවා. මේ අවීචී මහා නිරයේ ආයු ප්‍රමාණය අන්තර් කල්පයක් වුවත් ඉන් පසු කෙනෙක් සදහටම නිරයෙන් නිදහස් වනවා යැයි නියමයක් නොමැත. තමන් තවත් කල අකුසල් ප්‍රමාණයට අනුව ඊට වඩා තව තවත් නිරයන්වල දුක්විඳීමට සිදුවෙනවා. මෙලෙස භික්ෂූන් වහන්සේලා විමසූ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙවුදත් තෙරුන් දුක් විඳින බව වදාලේය.

👉 සමහර දෙනෙක් දෙවුදත් තෙරුන් පිලිඳව ද්වේශ සිතක් ඇති කරගෙන"දේවදත්තයා " වැනි නම් වලින් ප්‍රකාශ කරන අවස්ථා ඕන තරම් අප අසා ඇත. නමුත් දෙවුදත් තෙරුන් යනු සසරේ බොහෝ පිං රැස් කල කෙනෙක් බව බොහෝ දෙනා දැන ගත යුතු කාරණයකි.
එලෙස "දේව දත්තයා" ලෙස ආමන්ත්‍රණය කිරීමට අපට කොහොමවත් සුදුසුකමක් ඇත්තේ නෑ. ඊට හේතුව නම් දෙවුදත් තෙරුන් අසංඛ්‍ය දෙකක් සහ කල්ප ලක්ෂයක් සංසාරයේ පසේ බුදුවරයෙක් වීම වෙනුවෙන් පාරමිතා පුරමින් පැමිනුණ කෙනෙකි. ඒ තරම්ම දෙවුදත් තරුන් මහා පුණ්‍යවන්තයි.
👉 නමුත් භග්‍යවතුන් වහන්සේ , දෙවුදත් තෙරුන් විසින් තමන්ට මේ තරම් අපරාධ කරන බව හොඳින්ම දන්නවා. ඒ දැන දැනත් පැවිදි කලේ ඇයි.?

භික්ෂූන් වහන්සේලා එක්තරා අවස්ථාවක මේ බව විමසූ විටදී භග්‍යවතුන් වහන්සේ දේශනා කලා,
දෙවුදත් තෙරුන්ගේ පලමුවෙනි ආනන්තර්‍ය පාපකර්මය වූ බුදුන්ගේ ලේ සෙලවීම නම් වූ පාපකර්මය ගිහි ගෙදර සිටිමින් කලා නම් , අනාගතේ පසේ බුද්ධත්වය පතා සම්පූර්ණකර ඇති පාරමිතාව නිශ්පල වීමට ඉඩ තිබෙනවා යැයි දේශනා කලා. පැවිදිකල නිසා යම් කිසි ආකාරයක සීමාවක සිට එවැනි පාප කර්මවල නියැලුණා. සමහර පාප කර්ම හොරෙන් කිසිවෙකුට නොපෙනී සිදුකිරීමට වගබලා ගත්තා. ඒ නිසා එම පාප කර්මවල ඇති ශක්තිය යම්තාක් දුරකට යටපත් වුණා.

අනෙක් කාරණය තමයි අවීචියට ඇදගෙන යන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහිපත් කරමින් බුදුන් සරණ ගියා. ඔන්න ඔය අවස්ථාවේ බුදුන් සරණයන බව දැනගෙන පැවිදි කරවීමට තවත් හේතුවක් වුණ බව භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා.
මෙසේ දෙවුදත් තෙරුන් පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී "සට්ඨිස්සර " නම් පසේ බුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට තිබෙනවා.
තෙරුවන් සරණයි!!!

දෙවුදත් තෙරුන් පිලිබඳ වැඩිදුර විස්තර ධම්මපද අටුවාවේ මෙසේ විස්තර වෙයි.
මෙතැනින් අටුවාවට පිවිසෙන්න...
👉 https://pitaka.lk/dhammapada/katha-12.html

මෙම ලිපිය ධර්ම දේශනාවකින් උපුටා ලියන ලදී.
වැඩි විස්තර සඳහා ධර්ම දේශනාවට මෙතැනින් පිවිසෙන්න.
👉 https://youtu.be/Xqeyn8rjj-M

ලිපිය සකස් කලේ,
දුෂ්‍යන්ත බණ්ඩාර


Copyright © EnnLaw | Floating Leaves template designed by ennyLaw | eLaw's Design