January 13, 2021

පංච ආනන්තරීය පාපකර්ම වල බරපතලකම - අවීචි මහා නිරය



 මෙම ලිපිය මං අහුලාගත්තේ, "ගරු පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප තෙරණුවන්ගේ", මුහුණු පොතෙන්!

--

ආනන්තරීය පාප කර්මයක් යම් කෙනෙක් අතින් සිදු වුණොත්, ඒ කෙනා නිරයේ යෑම වෙනස් කරන්නට කාටවත් හැකි වෙන්නේ නැහැ. ඒ නිසා එය නියත රාශියක් ලෙසට යි ධර්මයේ දැක්වෙන්නේ. ( මිච්ඡත්ත නියත රාශිය. ) ආනන්තරීය පාපකර්ම 5 ට ඒ නම ලැබිලා තියෙන්නේ මරණයෙන් පසු වෙන කොහේවත් අතරක උපත නොලබා කෙළින්ම අවීචි මහා නරකාදියෙහි උපදින නිසයි උදා :- දේවදත්ත හිමි. "ආනන්තරීය පාපකර්මය" කියද්දී අපි "ආනන්තරීය" කියන වචනය තෝරා ගන්න ඕන. ඒ තමයි අතරක් නැතුව නිරයට යනවා. ඒ කියන්නේ යම් ආත්මයක ආනන්තරීය පාපකර්මයක් සිදු වුණා ද එයාට අතරක් නෑ. ඒ කියන්නේ මරණින් මත්තේ දුගතියට නො යා සිටින පුංචි වෙලාවක්වත් නෑ.

පංචානන්තර්ය පාපයන්හි යෙදී දුගතියට පැමිණියවුන්ට යම් දවසක සුගතියකට පත් නොවිය හැකියි කියල කියන්න බෑ. මොකද භවය කියන එකේ සීමාවක් ඉමක් කොනක් නැහැ. නමුත් එතනින් ගොඩට එනවයි කියන එක සිතන්නත් අමාරු දෙයක්. ඉතා ඈත අතීතයේ මුගලන් මහ රහතන් වහන්සේගේ පෙර ජීවිතයක දී ආනන්තරීය පාපකර්මයක් සිද්ධ වුණා. ඒ හේතුවෙන් අතරක් නැතුව නිරයේ ගිහින් විපාක වින්දා. එතැනින් ඒ කර්මය විපාක දීලා අවසන් වුණා. කිසියම් විදියකට බුද්ධානුභාවයක් නිසා, තවත් බුදු කෙනෙකුගේ පහළ වීමක් නිසා වෙනසක් සිදු විය හැකියි. පංච ආනන්තරිය පාපයන් එකක් හෝ කල කෙනෙකුට මේ දිවියේ මාර්ග ඵල ලබන්නට බැහැ. යම් කෙනෙකුගේ අතින් පංච ආනන්තරීය කර්මයන්ගෙන් එකක්වත් සිදුවුණොත් එයාට කල්පයක් ඇතුළත සෝවාන් වෙන්නත් බෑ. සකෘදාගාමී වෙන්නත් බෑ. අනාගාමී වෙන්නත් බෑ. අරහත් වෙන්නත් බෑ. ඒ ආන්නතරීය පාප කර්ම කලොත් ඊලග භවය උරැමම අවීචියට තමයි.

නමුත් ශීලය කොයි තරම් ශක්තිමත් ද. ආන්නතරීය පාප කර්මයත් හොලවපු කෙනෙක් මේ බුද්ධ ශාසනයේ ඉන්නවා. ඒ තමයි අජාසත්ත මහ රජතුමා. පියාව මැරැවා කල්‍යාණ මිත්‍රත්වය නැති නිසා. නමුත් බුදු සරණ ගිහින් ප්‍රාණ පරිත්‍යාගයෙන් පන්සිල් ආරක්ෂා කරන්න තීරණය කරා. මේ ශාසනයේ අදටත් ධර්මය පවතින්න පළමු ධර්ම සංගායනාව කරන්න දිවි හිමියෙන් ශක්තිය දුන්නා. මේ වෙලාවේ සක් දෙව් රජතුමා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනී, මේ තරම් පින් කරන මිනිසෙක් මම දැකලා නෑ කියලා. කොයි තරම් පින් කලත් නිරයෙන්නම් නතර වෙන්න බෑ මේ අකුසලය. හැබැයි අවීචියෙන් නම් නිදහස් වුනා. දැනටත් අජාසත්ත මහ රජතුමා ඉන්නේ අපායේ. ඒ ඉන්නේ ලෝකුඹු මහා නිරයේ. අවීචියේ උපදින්නේ ආනන්තරීය පාප කර්මයක් කලොත්.අසංඛ්‍යය අසූ හය ලක්ෂ හත්ලිස් දහසක් ආයුෂ අවීචියේ දුක් විදින්නට වෙනවා. නමුත් ලෝකුඹු නිරයේ ආයුෂ අවුරැදු හැට දහසයි .අවුරැදු අසංඛ්‍යය අසූහය ලක්ෂ හතලිස් දහසක් විදින්න තිබුන දුක අවුරැදු හැට දහසකට කෙලවර කරනවා කියන්නේ දූවිලි අංශුවක් තරම් දුකක්. එහෙම ගොඩ ඇවිත් මෛත්‍රී බුදු පියාණන් පහල වෙන්න කලින් අජාසත්ත රජතුමා පසේ බුදු වෙලා පිරිණිවන් පානවා. මහා බලගතු සීලයකට පුළුවන්, මේ මහා කර්මය පවා හොලවන්නට.

(උපුටා ගත් වැදගත් දහම් ලිපියකි)

November 6, 2020

බුද්ධානුස්සති භාවනාව

මෙම ලිපිය මං අහුලාගත්තේ, "ගරු පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප තෙරණුවන්ගේ", මුහුණු පොතෙන්!

 --

බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන්
යම් කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්මෘති භාවනාව ය.
බුදුන් වහන්සේගේ ගුණයෝ ඉතා බොහෝ යග ඒ ගුණ කොටස් නවයකට බෙදා තිබේග අරහංල සම්මා සම්බුද්ධෝල විජ්ජාචරණ සම්පන්නෝල සුගතොල ලෝකවිදූල අනුත්තරෝ පුරිස ධම්ම සාරථිල සත්ථා දෙවමනුස්සානංල බුද්ධෝල භගවා යන පද නවයෙන් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ.
බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමතියන් විසින් ඒ ගුණ නවය හොඳින් පාඩම් කර ගත යුතු ය.
🏵️ 1*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක.
🏵️ 2*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ ද කාලමුක්ත වූ ද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිත ව තමන් වහන්සේ විසින් ම නො වදරවා දැන වදාළ සේක.
🏵️ 3*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘර්ධ වූ විදර්ශනා ඥානාදි විද්‍යාවෙන් හා ශීලාදි චරණයෙන් ද සම්පූර්ණ වූ සේක.
🏵️ 4*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන ශීලාදි සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක.
🏵️ 5*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍ර‍ය නිරවශේෂයෙන් දැන වදාළ සේකග
🏵️ 6*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුණ්‍යමාන බලමාන ප්‍ර‍ඥාමාන සෘද්ධි මානාදි අනේවිධ මානයෙන් උඩඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර‍ වූ සේක.
🏵️ 7*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍ර‍තිලාභය පිණිස ද අනුශාසනය කරන සේකග
🏵️ 8*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවන සේක.
🏵️ 9*  මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත සෘද්ධි අනන්ත ඥාන අනන්ත තේජෝ බල පරාක්‍ර‍මයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක.
 ** මේ බුදු ගුණ වගන්ති නවය හොඳින් පාඩම් කර ගෙන බුද්ධ වන්දනාව සඳහා ද භාවිත කළ යුතු යග තමනට නො තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත් ය.
 ** වන්දනා කරන කල්හි මේ වගන්ති නවය කියා අවසානයෙහි  ර්‍ණමේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමිග” යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුයග.
 ** බුද්ධානුස්මෘති භාවනාව කරන තැනැත්තා විසින් බුදු ගුණ වගන්ති නවය අත් නො හැර ම බුද්ධ වන්දනාව සඳහා භාවිත කළ යුතුය.
 ** ඒ වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාෆෆවනාව සඳහා තෝරා ගත යුතු ය.
 ෆෆ ඉක්බිති තමා ප්‍රිය කරන බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතු යග බුදු රුවෙහි අවයවයන් වෙන වෙන ම ද බලා හොඳින් සිතට ගත යුතු යග බුදු රූ සටහන අමතක නො වනු පිණිස වරින් වර නැවතත් බැලිය යුතු ය.
 ** ආරම්භයේදී භාවනාව බුදු රුවක් ඉදිරියේම කළ හැකි නම් වඩාත් හොඳ යග භාවනා කරන්නට පටන් ගන්නා කල්හි යම් කිසි විවේක ස්ථානයක බද්ධ පර්‍ය්‍යඞ්කයෙන් හිඳල කය සෘජුව තබා ගත යුතුයග එය භාවනාවට ඉතා ම සුදුසු හිඳ ගැනීමේ ක්‍ර‍මය ය.
 ** එසේ හිඳ ගත යුත්තේ පුරුෂයන් විසින් පමණෙකිග එය ස්ත්‍රීන්ට අයෝග්‍ය යග ස්ත්‍රීන් විසින් අර්ධ පර්‍ය්‍යඞ්කය යි කියනු ලබන පා දෙක පිටිපසට නමා වාඩිවීමේ ක්‍ර‍මයට හිඳ ගත යුතුය.
පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පර්යඞ්කයෙන් හිඳ ගත් බව මහා ප්‍ර‍ජාපතී ගෝතමි අපදානයෙහි එන :
  "සා තාහි සහ ගන්ත්වාන -
   භික්ඛුනූපස්සයං සකං
   අඩ්ඪපල්ලඞ්ක මාභුජ්ජ -
   නිසීදි පරමාසනෙ.” යන ගාථාවෙන් පෙනේ.
 ** බද්ධ පර්‍ය්‍යංකයෙන් වාඩි විය නො හෙන පුරුෂයන් විසින් හා අර්ධ පර්‍ය්‍යංකයෙන් හිඳ ගත නොහෙන ස්ත්‍රීන් විසින් ද තම තමාට හැකි පරිද්දකින් හිඳ ගෙන භාවනා කළ යුතු යග අන් ඉරියව්වකින් භාවනා කළාට ද වරදක් නැත.
 ** විවේක ස්ථානයේ හිඳගෙන ඇස පියා ගෙන කලින් බලා ගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින සැටියට සිතා ගෙන ඒ බුදුන් අරමුණු කොට  ර්‍ණමාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනාකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයනට සුදුසු වූ සේක.” යනාදීන් තමා භාවන කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතු ය.
 ** භාවනා කරන්නට පටන් ගන්නා කල්හි
පැය කාලයට අඩු නො වන කාලායක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුයග එය කරන කල්හි අනෙකක් ගැන නො සිතනුග සිත අනෙකකට යොමු වන්නට නො දීමට හැකි තාක් උත්සාහ කරනුග සිහියෙන් යුක්ත වනු..
 

රේරුකානේ චන්දවිමල නාහිමියන් වහන්සේ

(බෞද්ධයාගේ අත්පොත)

අග්‍ර පිං වැඩෙන මෛත්‍රී භාවනාව, ප්‍රමාන වශයෙන් වැඩීම

 


Copyright © EnnLaw | Floating Leaves template designed by ennyLaw | eLaw's Design