- උදේට කිවයුතු මෝර පිරිතේ කොටස
උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසන්ති
තේරුම:
හිරු උදාවන විට – ඇස් ඇති එක ම රජු ලෙස
පතුරුවා රන්වන් රැස – මහපොළොව බබුළුවන්නේ
මහපොළොව බබුළුවන – හිරු මඬල නුඹ වදින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි – මෙ දවස වසමු සුවසේ
යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
තේරුම:
හැම දහම් පරතෙර වැඩි – උතුම් සම්බුදු මුනිවරුන් වෙද
ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා
ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා
- හවසට කිවයුතු මෝර පිරිතේ කොටස
අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං
තේරුම:
පතුරුවා රන්වන් රැස – බබුළුවා මේ පොළොව ද
ඇස් ඇති එක ම රජු ලෙස – හිරුමඬල බැස යන විට
මහපොළොව බබුළුවන – හිරු මඬල නුඹ වඳින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි – මේ රැය ද වසමු සුවසේ
යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
තේරුම:
හැම දහම් පරතෙර වැඩි – උතුම් සම්බුදු මුනිවරුන් වෙද
ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා
ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා
සතර මග ඵල නුවණට – මාගේ වැඳුම වේවා
උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා
ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා
- මෝර පිරිත සහ තේරුම අහුලාගත්තේ අන්තර්ජාලයෙන්.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.